Sunday, November 6, 2011

ආදරය




ආදරය කියන්නෙ මොකක්ද කියල හුගක් අය දන්නව.ඒක නොදන්න අයත් නෑතුව් නෙවෙයි.මේ ආදරය මහ පුදුම දෙයක් අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන්. අපේ ජීවිත සතුටු කරන්න දුකට පත් කරන්න අඩවන්න හිනස්සවන්න ඒ විතරක් ද, වෛරය මිනීමෑරුම් සොරකම් හටගන්නත් මේ ආදරය මුල් වෙන්න පුලුවන් .
මුලින්ම අපි අම්මගේ ආදරය තමයි විදින්නේ. කොතරම් ආදරයක් අපේ අම්මල අපිට දක්වනවද? ඒත් මවු සෙනෙහස අහිමි වු අයත් එමටයි, අම්මගෙන් ඉගෙන ගන්න ඒ ආදරය පුදුම දෙයක්. මොහොතක් හිතන්න අම්මල අපිව කොතරම් ආදරෙන් බලා ගන්නවද උස් මහත් කරනවද? කියල . ඒත් අපි සමහරු ඒ මවු සෙනහස වෙලාවකට එපා කරනව නේද? අපිට කුඩා කාලයේදි ආදරය කියන දේ දකින්න ලෑබුනෙ නෑත්නම් අපි අදටත් ආදරය කියන දේ දන් නෑ. මොහොතක් බලන්න සමහරු ආදරය කියල හිතන දේ, එයලට නියම ආදරය අත් දකින්න ලෑබිල නෑතුව ඈති. ආදරය ඉවසිලිවන්තයි, කරුනාවන්තයි ඒක පිරිනමන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි. අද ලෝකය දකිනකොට දුකත් හිතෙනව. ඈයි අපි මේ අදරය කියන දේ වෑරදිවට තෙරුම් ගන්නෙ, ආදරය වේදනාවක් කියන කතාවත් ඈත්ත, අන්ධයි කියන එකත් ඈත්ත, විකාරයක් වගේ කියන එකත් ඈත්ත . මේ හෑම දේම අපි හොදට බෑලුවොත් තේරෙයි. ඈස් ඈරල බලන්න. හෑම පෑත්තෙන්ම හිතල බලන්න. 
අපිව රිද්දන කෙනාට අපිත් රිද්දනවනම් අපේ ආදරය බොරුවක් . එයාට රිද්දන්න යන්න එපා. ආදරය කරනව කියන්නේ එයාගෙ සතුට ඔයාගෙත් සතුට කියන එකයි. ඒත් කවුද මේක හරියට තේරුම් ගන්නෙ. තේරුම් ගන්නෙ ටික දෙනයි නේද? . තව ගොඩක් කියන්න තියෙනව ඒත් මේක දිග වෑඩි උනාම කියවන ඔයාලටත් එපා වෙයි. දෑනට නවතින්නම්.

1 comment: