Friday, November 25, 2011

මිතුරා

මිතුරා කියන්නෙ කවුද? මොහොතක් සිතන්න ඔබ වටේ ඉන්නේ ඔබේ මිතුරන්ද කියා. අද ලොකය දිහා බලපුවාම සෑබෑ මිතුරන් සොයා ගන්නත් බෑරි තරම්. මිතුරා කියන්නෙ ඔබෙ සතුටෙදි පමනක් නොවෙයි දුකේදිත් ඔබ සමග ඉන්න කෙනාටයි. අදනම් ලොකය දිහා බෑලුවාම පේන්නෙ අද ඉන්න මිතුර හෙට ඔබේ හතුරා වෙයිද කියලයි. ලස්සන ලොවක් තනන්න මිතුදහම කියන දේ නෑතිනම් බෑ මිතුර. ඒත් අද මිතුරව විශ්වාස කරන්න පුලුවන්ද ? මිතුරන් හුග දෙනෙක් හිටියත් එයින් කීප දෙනෙක් පමනයි අපේ සෑබෑ මිතුරන් වෙන්නේ. ඒකට හේතුව අපිම තමයි හොයා ගන්න ඕනි.
සමහරු මිතුර කියන නමේ තෙරුමවත් දන් නෑ. අපිට අනිත් අයව හදන්න බෑ එත් මිතුර අපි අපේ මිතුදම ලොවට පෙන්නමු. අපි හෑදුනොත් අනිත් අයත් ඒක දකියි. ඒ දිහා බලාගෙන අනිත් අයත් වෙනස් වෙයි.
මොහොතක් සිතන්න ඔබේ වෑරදි ඔබේ යහලුවා ඔබට පෙන්වා දෙනවාද කියා. නෑත්නම් අනිත් අය ඉදිරියේ ඔබව හෑල්ලුවට ලක් කරනවාද කියා. ඔබ දුම් වෑටියක් දල්වන කල එය නවත්වනවාද? ඔබ මත් පෑන් බොන කල එය නවත්වනවා ද? ඔබට එහි නරක කියා දෙනවා ද? අන්න ඔබට ඔබේ වෑරදි කියා දෙන හොද යාළුවෙක්.
මිතුර නමට පමනක් යාළුවන් එමටයි. ඉතින් ඔබ ලග ඉන්නේ නමට පමනක් වූ යාළුවෙක්ද? නෑත්නම් හෑමදාම එකට ඉන්නා සෑබෑ යාළුවෙක්ද? ඔබම සොයා බලන්න.
ඔබේ යාළුවා ගෑන කිවුවා ඒත් දෑන් ඔබ. මොහොතක් සිතන්න ඔබ සෑබෑ මිතුරෙක්ද කියා ඔබේ යාළුවාට. ඔබ සෑබෑ මිතුරකු නොවනකල කෙසේ නම් ඔබ සෑබෑ මිතුරකු බලාපොරොත්තු වෙනවා ද? අපිත් නමට පමනක් නොව වෑඩ වලිනුත් සෑබෑ මිතුරන් වෙමු. ලොකයේ මිතු දහමට අරුතක් දෙමු. ඔබට ජයෙන් ජයම වේවා මිතුර.

No comments:

Post a Comment